BREAKING NEWS
Search

15 සිසුවියට හදි කල 50 හැවිරිදි ගුරුවරයාට අන්තිමට සිදු වූ දේ

39

සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ව්‍යාපාරයේ පස්වන ගම්මානයේ පදිංචි දහවන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 15 මාස 02 වයසැති ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මඟ හරිමින් සිටි උපකාරක පංති ගුරුවරයෙකු ඊයේ (19දා) නීතිඥයෙකු සමඟ පොලිසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මුතුකණ්ඩිය ප්‍රදේශයේ පාසලක සේවය කරන පනස්පස් හැවිරිදි මෙම ගුරුවරයා සියඹලාණ්ඩුව නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යයි. එම පන්තියට පැමිණෙන එම ගුරුවරයාගේ පාසලේ පන්තියේම ඉගෙනුම ලබන දැරිය ඉකුත් (17)දා උපකාරක පන්තියට පැමිණි අවස්ථාවේදී කාර්යාලයට ගෙන්වාගෙන ඇයට ලිංගික අතවර කර තිබේ. දැරිය ඒ පිළිබඳව ඇයගේ මවට පැවසීමෙන් අනතුරුව දාහත් වැනිදා සියඹලාණ්ඩුව පොලිසියට පැමිණිලි කර ඇත. දැරියගේ පියා මීට වසර පහකට පමණ ඉහතදී මියගොස් ඇති අතර ඇය සහෝදරිය සහ මව සමඟ ජීවත් වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් පොලිසිය මඟ හරිමින් සිට ඇත. එසේ පලා ගොස් සිටි ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබූ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කර තිබේ. සියඹලාණ්ඩුව වැඩබලන පොලිස් ස්ථානාධිපති එල්.ආර්. ජිනදාස මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *