BREAKING NEWS
Search

උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගත් මහා මෙහෙයුම

37

උල්හිටිය රත්කිද ජලාශයේ  පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීමට ගිය පුද්ගලයකු කොටුවී සිටියදී පැය 12 මෙහෙයුමකින් පසු  බේරාගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ආසන්නයේ හොබරියාව ගොවිපල අසල පදිංචි  නැන්දම්මා සහ ලේලියක මෙසේ ජලපහරට කොටුවී දැනට පැය 12 කට ආසන්න කාලයක් පුරා අඩි 10 පමණ උස අට්ටාලයක් මතට නැග දිව්බේරාගෙන ඇත.  හොබරියාව ඩී 5 කොටසේ ජලයට කොටුවූ වනජීවි නිලධාරීයා සහ ගවයින් බැලීමට ගිය පහල රත්කිද ප්‍රදේශයේ පදිංචි අයකු හොබරියාව ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇති උස් ස්ථානයක රැදී සිටියදී මෙසේ බේරා ගෙන ඇත.

වෙනත් පුවත්

බඩෝවිට දී වෙඩි කෑ පුද්ගලයා මරුට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයකුට වෙඩි තබා පලායාමේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ එක් සැකකරුවකු අද(19) වන දා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *