BREAKING NEWS
Search

නිවසේ මාළු ටැංකිය පුංචි සිගිත්තිය බිලිගනී

37

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී  බිළිදෙකු බව පොලිසිය කීය.

මව සහ පියා නිවසේ සිටියදී දරුවා නිවස ඉදිරිපිට මාළු ටැංකිය අසල රැදී සිට ඇති අතර , ඔහු දක්නට නොලැබුණු බැවින් සොයාබැලීමේදී ටැංකියට වැටි සිටින අයුරු මව  දැකගත ඇති බව පොලීසිය කියයි.

වෙනත් පුවත්

පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා

කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් දමිත් කණකරත්න මහතා පැවසීය.

මෙලෙස ජලයෙන් බේරාගෙන ඇත්තේ හිජ්ජාපුර පදිංචි‍ 55  සහ 50 යන වසයේ සිටි දෙමස්සිනාලා වූ ගොවීන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා (18) දින සවස තම කුඹුරු යායේ පැල් රැකීමට ගිය බවත් , එදින රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා පදවිය වැවේ ප්‍රධාන ජල සැපයුම් මාර්ගය වන මොර ඔය පිටාර ගලා තමන්ගේ කුඹුරු යාය සහ ඔවුන් සිටි පැළ ජලයෙන් යට වීම නිසා මොර ඔය අසල ඇති උස කුබුක් ගසකට නැග ගත් බවත් ඔවුන් දෙදෙනා පැවසූහ.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *