BREAKING NEWS
Search

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය සුපිරි නළුවෙක් මරුට

108

ඉන්දියාවේ මුම්බායිහිදී ට්‍රක් රථයක ගැටී ටෙලිනාට්‍ය නළු අමන් ජයිස්වාල් ඊයේ (17) මිය ගොස් තිබෙනවා.

මියයන විට ඔහු 23 හැවිරිදි වියේ පසුවිය.

අනතුරින් පසු ඔහු රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ මියගොස් ඇත්තේ.

මුම්බායිහි ජෝගේෂ්වරී මාර්ගයේ ට්‍රක් රථයක ඔහුගේ යතුරුපැදියේ ගැටීමෙනුයි අනතුරට පත්ව තිබෙන්නේ.

“ධර්තිපුත්‍ර නන්දිනී” රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතය හරහා ඔහු ප්‍රසිද්ධියට පත්වුණා.

ට්‍රක් රථ රියදුරුට එරෙහිව කඩිනම් සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *