මේ කියන කතාව ඇත්තටම විශ්වාස කරන්නත් අමාරු එකක්..
ගමක විසූ මවක් සිය දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දුවී තම නිවසේ රඳවා ගත් අවුරුදු 26ක තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් බේරා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම අම්මාගේ තරුණ දියණියට සිදු වූ පුවතක් වාර්තා වෙනවා… ඒ සිදුවීම ගැන ඇසෙන කතාවයි මේ..
මෙම කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසු වෙනවා… මැයට දූවරුන් තිදෙනෙක් සිටියා..
ඔවුන් වයස අවුරුදු 25 සහ 20 අතර පසුවන අතර මෙම කාන්තාව තම දියණියක් සරණ පාවා දෙන බවට පොරොන්දු වී නිවසේ ගොවිතැන් කටයුතු ද කරවා ගනිමින් තරුණයාව නිවසේ නතර කර ගත්තා..
කාලය ගෙවී යද්දී මොහු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට පටන් ගත්තා..
මැයගේ සැමියා බොහෝ විට ගොවිපොළේ පැලේ කාලය ගත කළේ වන සතුන්ගෙන් වගාව රැක ගැනීමටයි..
මෙම තරුණයා ඔහු සමගද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ හේනේ පැලට කෑම, තේ ආදිය රැගෙන යමින්.. තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වුණා..
මොවුන්ගේ ඇසුර දැනගත් දියණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයින් දෙදෙනෙකු සමඟ නිවසින් පැන ගියා..
දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට (දුව) අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළා..
එයට අකමැති වූ දියණිය බේරුමක් නොමැති නිසා පොලිසියට පැමිණිලි කළා..
මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළා..
පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් පොලිසිය තිදරු මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කළා..
වසර 08 ක් වැඩ පළ කරමින් දියණිය විවාහ කර ගන්න බාලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ තිබූ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසායි..

















