අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව ලබ ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් අමෙරිකානු රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් මින් පෙර කරුණු වාර්තා කරා.
ඒ අනුව, ටික්ටොක් යෙදවුම අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසයි.
එහිදී එම නියෝගයට එරෙහිව බයිට් ඩාන්ස් සමාගම අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තමා ධුරයේ ඉතිරිව ඇති පැය කිහිපය සඳහා තහනම ක්‍රියාත්මක නොකරන බවයි.




















