BREAKING NEWS
Search

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද CIDයට කැඳෙව්වේ ඇයි? ඒ ගැන ඇසෙන කතාව මෙන්න

36
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා…
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාට එහි පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අදාළවයි.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගෙන් ද මෙම ඉඩම පිළිබදව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තා.

මෙම ඉඩමට විදුලිය ලබා ගෙන ඇත්තේ ජී. රාජපක්ෂ නමින් වන අතර, ඒ අනුවයි මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, අද උදෑසන 10.45ට පමණ ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ වුණා… පැය 03 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුව ඉන් පිටව ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *