BREAKING NEWS
Search

සිසුවියන් දැලේ දාගෙන අමුතු පාඩම් කියාදෙන්න ගිය , ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයාට වෙච්ච දේ…

37
ගුරුවරයා කියන්නේ දරුවෙකුගේ ජීවිතයට ආලෝකය ගෙන එන පුද්ගලයෙකුට.. ඒත් මේ කියන්න හදන්නේ නම් අමුතු තාලේ ගුරුවරයෙක් ගැන කතාවක්…
සිය ජංගම දුරකථනය උපයෝගී කරගෙන සිය පාසලේ අධ්‍යාපනය ලබන තරුණ දැරියන් අපයෝජනය කරමින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වා ගත් දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයෙක් සම්බන්ධව දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ගුරුවරයා විසින් මව් පිය සෙනෙහස අහිමිවන, වෙනත් ගැටළු සහිත බව පෙනෙන දැරියන්ට සමීප වී ඔවුන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගනිමින් දැරියන් නිරුවත් කර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වෙන විට මෙම ගුරුවරයා විසින් වීඩියෝ මාර්ගයෙන් අපයෝජනය කළ එක් දැරියකගේ පියා මියගොස් ඇති අතර මව විදේශ ගතව සිට පැමිණ ඇති බවද සඳහන්.

දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන 16 හැවිරිදි වියේ පසුවන්නියක්.

පාසලේ වැඩ කටයුතු නිවසේ සිට කිරීමට අපහසු බැවින් ඇය සිය නැන්දනියගේ නිවසේ නැවතී සිට ඇති අතර නැන්දණියට ඇයගේ හැසිරීම පිළිබඳව සැක සිතී දුරකථනය පරීක්ෂා කිරීමේදී මෙම ගුරුවරයා දැරියගේ නිරුවත් දර්ශන ගෙන්වා ගෙන ඇයව අපයෝජනය කර ඇති ආකාරයත් ඇයව කාමරයට රැගෙන යෑමට සිදු කරන පෙළඹවීම් සහිත වට්ස්ඇප් පණිවිඩයත් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව නැන්දණිය විසින් මිනුවන්ගොඩ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම විද්‍යා ගුරුවරයා දැරියට විටින් විට මුදල්ද ලබා දී බව පොලිස් විමර්ශනවල දී තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (17) අදාළ පාසලේ විදුහල්පතිවරයාද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් විද්‍යා ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ දෙකක ශරීර අප මතමුදා හැර ඇති අතර 2025-03-04 දින යළිත් නඩුව කැදවීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *