BREAKING NEWS
Search

හදිස්සියේ බස් වර්ජනයක්

40

නිට්ටඹුව සිට කොළඹ ධාවනය වන මාර්ග අංක 180 පුද්ගලික බස් රථ 30 ක් පමණ අද 17 අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වැඩවර්ජනයට හේතු වී ඇත්තේ ඉකුත් 16 දින  මිරිස්වත්ත හන්දියේදි ත්‍රිරෝද රථ රියදුරකු නිට්ටඹුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පහර දී මේ සිද්ධියකි.

මේ පහර දීම සම්බන්ධව යක්කල පොලිස්ථානයට පැමිණිලි කර ඇතත් මේ දක්වා සාධාරණයක් සිදු නොවිම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පුද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරු සඳහන් කළහ

වෙනත් පුවත්

අගමැතිනිය ’වතුකරයේ ජනතා හඩ’ සංවිධානය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන ආන්තික ජන කොට්ඨාසයක් වන මලෛහම් වතු කම්කරුවන්ගේ ඉඩම්,නිවාස, අධ්‍යාපන ඇතුළු මූලික අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.

ඉදිරිපත් කෙරුණු දකුණ හා බස්නාහිර පළාත්වල වෙසෙන මලෛහම් ජනයාගේ මූලික ඉල්ලීම් සහිත ප්‍රකාශනය කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වූ අතර දරුවන්ගේ පාසල් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු පහසුකම් සම්බන්ධව සෘජුව මැදිහත් වී කටයුතු කරන බවත්, යටිතල පහසුකම් හා ඉඩම්, නිවාස ගැටලු සම්බන්ධව අදාල අමාත්‍යවරයා වෙත යොමු කර එම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම සාකච්ඡාව සඳහා වතුකරයේ ජනතා හඩ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාසන් මහතා, වැඩසටහන් අධ්‍යක්ෂිකා රවීනා හසන්ති මහත්මිය, ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක රාජන් මහත්මිය ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *