BREAKING NEWS
Search

ප්‍රශ්න පත්‍ර බලන්න ආ ගුරුවරියන් දෙදෙනෙක් පාසලෙන් එළවලා

40

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ  ගුරුවරියන් පිරිසක්  විදුහල්පතිනිය ඔවුන් ගේට්ටුවෙන් ඇතුළට නොගැනීම නිසා විභාග මධ්‍යස්ථානය වසා දැමීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේය.

පාසල් පැවැත්වෙන දිනයක් හෙයින් පාසලේම කොටසක පවත්වාගෙන යන විභාග පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයට ගුරුවරියන් පැමිණිය යුත්තේ සාරි ඇඳගෙන ආ බවත් පහසු ඇඳුමකින් පැමිණි අය ගේට්ටුවෙන් ඇතුළට ගැනීමට නොහැකි බවත් පාසලේ ආරක්ෂක නිලධාරීන් තරයේ ප්‍රකාශ කිරීම නිසා දෙපිරිස අතර ඉතා උණුසුම් තත්ත්වයක්ද හට ගැණිනි.

පාසලක විනයක් ඇති බවත් එම නිසා ගුරුවරියන් සාරි ඇද පාසල් භූමියට ඇතුළු විය යුතු බවත් තමන් ක්‍රියාත්මක කරන්නේ විදුහල්පතිනියගේ නියෝගය බවත් එම ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබිණ.

එහිදී පිළිතුරු පත් ඇගයීමට පැමිණි ගුරුවරියන් සඳහන් කර ඇත්තේ විභාග පිළිතුරුපත් ඇගයීමේ මධ්‍යස්ථානයක පාලනය විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සතුවන හෙයින් ඒ පිළිබඳව විදුහල්පතිනට වගකීමක් නොමැති බවය.

කෙසේ වෙතත් දෙපිරි අතර තර්ක විතර්ක උණුසුම් වෙමින් පැවති අතර එය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.

පොලිසිය මැදිහත් වුවද දෙපිරිස් අතර සමථයක් ඇති නොවූ හෙයින් විභාග කොමසාරිස් ජනරාල්වරයා දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබුණේ එම විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමන ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *