BREAKING NEWS
Search

විහාරස්ථාන වලට ගොස් අමුතු සෙල්ලමක් කල උපාධිධාරි ගුරුවරයා

38

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී  ඇතුළු වී  එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු , සොරාගත් විදේශීය මුදල් තොගයක් ද  සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි (47) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. තිබිරිගස්යාය ප්‍රදේශයේ විහාරස්ථානයක සංඝාවාසයෙහි කාමරයක දොරක් කඩා ඇතුළු වී එහි තිබූ කැනේඩියානු ඩොලර් 100 , ඇමරිකානු ඩොලර් 370 , හා  දේශීය මුදල් රුපියල් 80 ,000 මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට ඉකුත් දා පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව කොළඹ  දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ නවාතැන්පලකදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී එහි තිබී කැනේඩියානු ඩොලර් 100 සහ ඇමරිකානු ඩොලර් 220 සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු කැසීනෝ සූදුවට තදින් ඇබ්බැහි වූ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් ඒ සදහා සොරාගත් මුදල් වැය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *