BREAKING NEWS
Search

සෙල්ලම් කළ සිසුවා හදිසියේ මියගිහින්

39

බෙන්තොට ප්‍රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු  බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රාථමික අංශයේ හත් හැවිරිදි ඉනුර එවුමන් නැමැති සිසුවෙකි.

මෙම සිසුවා බෙන්තොට දවුලපිටියේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි. සති දෙකක පමණ කාලයක් උණ රෝගීන් පෙලී ඇති මෙම සිසුවා අද පාසල් වාරය ආරම්භ වීමෙන් පසු පාසල වෙත පැමිණ ඇති බවද පොලිසිය කියයි.

පාසල් විවේක කාලයේ දී  සෙල්ලම් කරමින් සිටි මෙම සිසුවා හදිසියේම ඇති වූ රෝග තත්ත්වයක් මත බිම ඇද වැටී ඇති අතර එහිදී රෝහල්ගත කිරීමෙන් පසුව එම සිසුවා මියගොස් ඇති බවද පොලිසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *