BREAKING NEWS
Search

10ක් රෝහලට යැවූ යතුරුපැදි කරුගේ නොසැලකිල්ල

39
අපරික්ෂාකාරී රිය ධාවනයක් නිසා ඇසෙන තවත් අවාසනාවන්ත කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.. මේ සිදුවීම වාර්තා වෙන්නේ ගණිතපුර ප්‍රදේශයෙන්..
වරකාපොළ – අඟුරුවැල්ල මාර්ගයේ ගණිතපුර ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට වරකාපොළ දෙසට ධාවනය කරන ලද පෞද්ගලික වෑන් රථයක් අධික වේගයෙන් ගමන් කළ යතුරු පැදියක් බේරීමට යෑමෙන් වෑන් රථය මාර්ගයෙන් පිටතට විසිවී අසල ඇති ඇළට පෙරළී තිබුණා…

එහි ගමන් ගනිමින් සිටි 9 දෙනකු සහ තවත් අයෙක් ඉන් තුවාල ලබා තිබුණා..

වරකාපොළ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගි වීමට පැමිණෙමින් සිටි 09 දෙනකු මෙම වෑන් රථය තුළ සිට ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනකු ප්‍රතිකාර සඳහා කොළඹට පිටත්කර යවා ඇති අතර ඉතිරි 07 දෙනා ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ..

යතුරු පැදියේ ගමන් ගත් අය ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණා..

වරකාපොළ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *