“සර් මම මගේ ගෑනිව බැන්ඳේ ලව් කරලා. අවුරුදු තුනක් අපි ආදරේ කළා. ගොඩක් බාධක ආවා. අපේ ගෙදරින් අවුලක් තිබ්බේ නෑ. කෙල්ලගේ ගෙදරින් අවුල්. පස්සෙ අපි පැනලා ආවා. සිද්ධිය ශේප් වුණාම අම්මලා අවුලක් දැම්මේ නෑ. එහෙනුත් හා කිව්වා. අපි වෙඩින් එකක් ගත්තා පොඩියට. මම ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කළේ. අපි පුදුම ආදරෙන් හිටියේ සර්. බැඳපු අලුත ගෑනිට මාව නැතුව ම බෑ.. කොච්චරද කියනවා නම් මගේ පස්සෙන් එනවා බස් හෝල්ට් එකට එනකන්..”
මේ ඔහු තම බිරිඳ ගැන කියා ඒ කතාවට මුල පිරූ ආකාරයයි.. ඉතාමත් සුන්දරව ගලාගිය ආදර කතාවක් නොවුණත් ඒ දෙන්නාගේ ජීවිතවල වෙනසක් තිබුණා.. ඒත් ඒ හැම දෙයක්ම විනාශ වෙන්න ඒ තරම් වෙලාවක් ගතවෙලා තිබුණේ නැහැ..
ඒත් ඇය එකපාරම වෙනස් වෙලා.. ඒත් ඔහු ඇයව සැකයක් කළේ නෑ.. මොකද ඔහුට ඇයව වටින නිසා… පස්සෙ එකපාරම වෙනස් වුණා.. මාව මඟ අරින්න ගත්තා.. පස්සෙ ටික ටික ඔවුන්ගේ සමබන්ධතාවය දුරස් වෙලා.. ඒක ඔහුටත් හිතාගන්න බැරිවෙලා..
“ගෑනිට වෙන සම්බන්ධයක් තිබුණා වෙන්නත් බෑ. මොකද මම වටපිට හොඳටම සෝදිසි කළා. අපේ ගෙදරට කවුරුත් එන්නෙ යන්නෙත් නෑ. මම හිතුවා මගේ අවුලක් ද දන් නෑ කියලා. මම මූණට ම ඇහුවා. ඒත් උත්තරයක් දුන් නෑ..”
දවසක් ඔහු යන්න ගිය ගමනක් ආපහු හැරිලා ආවේ මොනා හරි අමතක වෙලා.. ඒ වෙලාවේ ගේ ඇතුළින් එක එක සද්ද ඇහුණා,.. “දෙයියනේ.. මගේ ගෑනිගේ කටහඬ.” ඇය හයියෙන් හිනාවෙනවා.. හෙමින් හෙමින් ගේ පිටිපස්සෙන් ඔහු යන්නේ වෙන්නේ මොකද්ද කියන එක බලාගන්නමයි.. ඔහු ජනේලයෙන් දැක්ක දේට ඉවසුම් නැතිවුණේ තම බිරිඳ වෙන අයෙකු සමඟ ඉන්නවා දැක්ක නිසයි..


















