BREAKING NEWS
Search

දවුලගල සිසුවිය පැහැරගත් සැකකරුවන්ට අත් වූ ඉරණම

44
පසුගිය 11 වන දින දවුලගල පොලිස් වසමේදී වෑන් රථයකින් පැමිණ දැරියක් පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවන් ජනවාරි 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිදු කළ විශේෂ මෙහෙයුමක් යටතේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අම්පාර නගරයේ දී පසුගිය 13 වැනිදා අත්අඩංගුව ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.

එමෙන්ම දැරියද නිරුපද්‍රිතව පොලිස් භාරයට ගත් අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (14) දිනයේ දී අත්අඩංගුව ගැනීමට පොලිසිය සමත් වුණා.

මෙම පැහැර ගැනීම සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර පසුව එහි රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්ෂාවෙන් පසු දැරිය ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමාපිය භාරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *