BREAKING NEWS
Search

දොඩංගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සුලමුල හෙළිවෙයි..

115
පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වගේ සිද්ධීන් වාර්තා වුණා..

මේ කියන්න යන්නේ අද  උදෑසන ඇසුණු තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක්..

කළුතර – දොඩංගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වූ පුවත මේ වෙද්දී ගොඩක් දෙනෙක් දන්නා කාරණයක්.. මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..

නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර, ඉන් නිවෙසේ කිසිවෙකුටත් හානි සිදුව නැහැ..

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ බාල පුත්‍රයාගේ නම සඳහන් කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි..

එමෙන්ම මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ බාල පුත්‍රයා මේ වන විට විදේශ ගතව සිටින බවටයි වාර්තා සඳහන් කරන්නේ..

වෙඩි තැබීමෙන් නිවසේ ජනෙල් කිහිපයකට ද හානි සිදුව තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *