ජපානයේ රැකියා සඳහා පුහුණු රියදුරන් 5000ක් මේ වන විට ඉල්ලා ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ පවසනවා.
ගාල්ල හිරිඹුර හෙද විදුහලේ පැවතී උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.
විශේෂයෙන් හෙද සේවයේ ක්ෂේත්‍රවල දැඩි රැකියා ඉල්ලුමක් තියෙනවා.මේ ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කරන්න ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනයට පුළුවන්.මේ ආයතනයේ දැනට දෙනු ලබන්නේ NVQ4 පමණයි. එය හය දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිබදව ඉතාම කෙටි කාලයක් තුළ සළකා බලන්නම්.”


















