BREAKING NEWS
Search

මවගේ හිසට ගිනි අවි තබා පෙම්වතා පෙම්වතියට කල අපරාධය

33

දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා  18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන  පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට, මානික්කන්ද සහ කදන්ගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 17 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.

අවුරුදු 18 ක තම දියණිය ඉකුත් (12) රාත්‍රී පැහැරගෙන ගිය බවට එම තරුණියගේ මව විසින් දැරණියගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පැහරගත් බව කියන තරුණිය සහ සැකකරු අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවක් තිබූ බව පොලිසිය කියයි.

එම ප්‍රේම සම්බන්ධතාවට තරුණියගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් දිගින් දිගටම විරෝධය දක්වා ඇති අතර පසුව මව විසින් එම තරුණිය අත්තනගල්ල ප්‍රදේශයේ ඥාති නිවෙසක දින කීපයක් නවතා තබා නැවත ඉකුත් (12) දා දැරණියගල තම නිවෙසට කැදවාගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම තරුණිය මව සමග බස් රථයෙන් නැවත දැරණියගල නිවෙසට එන අතරවාරයේ සැකකාර තරුණයාට දුරකතන ඇමැතුමක් ලබාගෙන නැවත නිවෙසට එන බව පවසා ඇති බව පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *