BREAKING NEWS
Search

නව බදු ප්‍රතිශත ප්‍රකාශයත් සමග වාහන වෙළෙඳපොළේ කඩා වැටීමක්..?

40
මේ කියන්න යන්නේ වාහන ආනයනය ගැන ඇසෙන තවත් කතාවක්..
වාහන සඳහා වන නව බදු ප්‍රතිශත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග වාහන වෙළඳපොළේ මේ වනවිට කැපී පෙනෙන බිඳ වැටීමක් පෙන්නුම් කරන බව වාහන අලෙවිකරුවන් පවසනවා…

වසර 05ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලු‍ වාහන සඳහා වන බදු ප්‍රතිශත රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කළා…

මේ අතර, මෙරට බැංකු ණය සඳහා පොළී අනුපාතිකය පහළ අගයක පවතින මොහොතක නියාමනයක් නොමැතිව වාහන ආනයනය කළහොත් යළි විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකි බව, ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා…

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට භාණ්ඩ ගිනුමේ ශේෂය ධන අගයක පවත්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *