සති අන්තයේ ශ්‍රි පාදය වන්දනාවට මහ සෙනඟක්
දිර්ඝ සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිට්න බව වාර්තා වනවා.
එම පිරිස් උඩරට මැණිකේ දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන අතර එතැන් සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් යොදවා ඇති විශේෂ බස් රථ සේවා මගින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නවා.
මෙහිදී ඇතැම් පිරිස් රැගෙන එන විවිධ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය මගින් දුම්රිය ස්ථානයේදි විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා.
මේ අතර ගමන් කරන මාර්ගය දෙපස කැලි කසල බැහැර කිරිමෙන් වලකින ලෙසයි පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.



















