BREAKING NEWS
Search

ළඟදීම ගෙන්නනවා කියන අලුත් වාහනවල මිල වැඩි වෙයිද ? බදු ගැන ඇහෙන කතාව මෙන්න

41

වාහන ආනයනය සම්බන්ධයෙන් මේ දවස් වල නිරන්තරයෙන් කතා වෙනවා.

වාහන සිහිනයක් තියෙන හැමෝම බලාගෙන ඉන්නේ වාහනයක් ගන්න ලැබෙන්නේ කවදාද කියන එක.

ඒ වගේම තමයි වාහන ආනයනය කරද්දි වාහන මිලෙහි වෙනසක් හෝ අඩු වැඩි වීමක් සිදු වේද යන්න ගැනත් හැමෝම අවධානයෙන් ඉන්නේ.

වාහන ආනයනයට ඉඩ ලබා දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් 2020 වසරට සාපේක්ෂව 45%කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනයන අංශ පෙන්වා දෙන බවට වාර්තා වනවා.

ඒ එක්සයිස් (Excise–S.P.L.) බද්ද ඉහළ යෑම, එකතු කළ අගය මත බද්ද අය කිරීම සහ සුඛෝපභෝගී බද්ද වැඩි වීම යන හේතු නිසාවෙන්.

මේ අතර මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000 සහ 2500 ඉක්මවන වාහන වලට වුව ද නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ට වැඩි වාහන වලට එම බද්ද අය කිරීමට ඉඩ ඇති බවයි වාහන ආනයනකරුවෝ පවසන්නේ.

රජය විසින් බදු අනුපාත පහළ දැමුවහොත් වාහන මිලද පහළ යනු ඇති.

විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් මේ වනවිට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.

මේවනවිට රට තුළ පවතින භාවිතා කරන ලද වාහන මිල ගණන් ඉතා ඉහළ අගයක් ගනී.

එසේ වී ඇත්තේ, වාහන ආනයනය සීමා කිරීම නිසා සැපයුම අඩුවීමෙන් බවත් වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග ඒවා සාමාන්‍ය මට්ටමට පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *