බදුල්ල – පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් සහිත ප්‍රදේශයකට ගමන් කිරීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පස්සර පොලිසිය සදහන් කළේ කොළඹ සිට පස්සර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
තුවාල ලැබූවන් පස්සර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සදහන් කළේ.
බස් රථයේ රියදුරට නින්ද යාම මෙම අනතුරට හේතු වී තිබෙනවා.
වෙනත් පුවත්
ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූහ.
වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන අතරම නැගී එන වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ඇය අවධාරණය කළාය.
ලක් රජයෙන් පත් කළ නව දූත මණ්ඩල ප්‍රධානීන් වන කටාර් රාජ්‍යයේ නව තනාපති ආර්.එස්. ඛාන් අසාර්ඩ්, නවසීලන්ත රජයේ නව මහකොමසාරිස් ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න, රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති එස්.කේ. ගුණසේකර, කුවේට් රජයේ නව තානාපති එල්.පී.රත්නායක, ආරාබි රාජ්‍ය සඳහා නව තානාපති ඒ.එස්.කේ. සෙනවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.




















