කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම දැන්වීමට අනුව රජය විසින් අනුමත කරන ලද අර්ධ කාල වැඩ යනුවෙන් දක්වා ඇති මෙම දැන්වීම මගින් දෛනිකව රුපියල් පන්දහසක ආදායමක් උපයාගත හැකි බව දක්වා තිබේ.
ඊට අමතරව මාර්ගගතව සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් දෛනික වැටුප් ගෙවන බවත් එම දැන්වීමේ සඳහන් ව ඇත.
මෙම අසත්‍ය සහ සාවද්‍ය දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර මෙම ව්‍යාජ සහ අසත්‍ය දැන්වීමට අදාළව පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් කම්කරු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















