BREAKING NEWS
Search

අසල්වැසියාගේ නාසය කැඩූ හිටපු තානාපති උදයංග..අසල්වැසියා සංවේදීව සියල්ල හෙළි කරයි

38

අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එනම්  තානාපති උදයංග වීරතුංග මහතා පහරදීමෙන් තුවාල ලැබු අසල්වැසි පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

නුගේගොඩ තලපත්පිටිය කනත්ත පාරේ පදිංචි උදයංගේ වීරතුංග මහතාගේ අසල්වැසි නිවසේ සිටි ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමති 66 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස පහර කෑමට ලක්ව තිබෙනවා.

ඊයේ (09 ) දිනේදී උදයංග වීරතුංග මහතා විසින් පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ මායිම් බිත්තිය කැඩීම සම්බන්ධයෙන් සිදු වූ බහින්බස්වීමක දී මෙම පහරදීම සිදුවී ඇත.

ප්ලාස්ටික් බටයකින් උදයංග වීරතුංග මහතා තුවාලකරුට පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ මුහුණට දැඩි තුවාල සිදුවී නාසය කැඩී ගොස් තිබේ.

උදයංග වීරතුංග මහතා පහරදෙන අයුරු නිවසේ සවිකර තිබු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

ඒ අනුව අද (10) දහවල් උදයංග වීරතුංග මහතාව මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *