මෙරට සිට ඔස්ට්‍රේලියාවට යන අතරමගදී මගියෙකු ලිංගික අතවර කළ බවට කාන්තාවක් විසින් ගුවන් සේවා කාර්ය මණ්ඩලයට පැමිණිලි කිරීමෙන් පසු දෙසැම්බර් 18 වැනිදා මෙල්බර්න් ගුවන්තොටුපළේදීයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ..
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 41 හැවිරිදි පුද්ගලයෙක්..
ගුවන් ගමනේදී සැකකරු “අශෝභන ක්‍රියාවක් කළ” බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය චෝදනා කරනවා..
ඒ අනුව, ඔහු වරදකරු වුවහොත් වසර හතක සිර දඬුවමක් නියම කළ හැකි බවටයි වාර්තා සඳහන් කරන්නේ..
දෙසැම්බර් 19 වැනිදා ඔහුට දැඩි කොන්දේසි මත ඇප ලබා දී තිබුණා..
ඔහු සිය විදේශ ගමන් බලපත්‍රය භාර දී ඇති අතර, ඔහුගේ නඩුව විභාග වන විට එරට රැඳී සිටීමට නියෝග කර තිබෙනවා..
එමෙන්ම ඇප කොන්දේසි යටතේ, ඔහු සතියකට තුන් වතාවක් පොලිස් ස්ථානයකට වාර්තා කළ යුතු අතර, නිවාස අඩස්සියේ ජීවත් විය යුතුයි..
අධිකරණ නඩු විභාගය අතරතුර, සැකකරුගේ නීතිඥවරයා සිය සේවාදායකයාගේ ඇප වෙනස් කරන ලෙස ඉල්ලා ඇති අතර, ඔහුට Glen Waverleyහි නව ලිපිනයක තනිව ජීවත් වීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබෙනවා..
මෙම ඉල්ලීමට අභිචෝදකවරිය විරුද්ධ නොවූ අතර, ජනවාරි 30 වැනිදා වන විට අමතර සාක්ෂි සමග සීසීටීවී දර්ශන ඉදිරිපත් කරන ලෙසයි ඇය දැනුම් දී ඇත්තේ..
ඒ අනුව, ඔහු මාර්තු මැද භාගයේදී නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි..



















