BREAKING NEWS
Search

මල්ලිට විරුද්ධව මුල්ම පැමිණිල්ල කළේ මම – වීඩියෝව මෙන්න

34

තමා අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ සිය සහෝදරයාට එරෙහිව ප්‍රථමයෙන්ම පැමිණිල්ලක් ගොනු කළේ තමා බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

එසේම ඔහුගේ වංචාවන් සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළේ ද තමන් බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව පවසා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තම සහෝදරයාගේ ක්‍රියාකාරකම්වලට තමා කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, විදේශ රැකියා අවස්ථා සඳහා තෙවන පාර්ශවයන්ට මුදල් ගෙවීමට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට ඔහු උත්සාහ දැරූ බවත්, ඔහු සඳහන් කරනවා.

තමා කිසිදු වරදක් කර නොමැති බැවින් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවයි ඔහු සඳහන් කරන්නේ.

සිය පවුලේ සාමාජිකයින් සමගින් රටින් පලා ගොස් ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළා.

තවද, ඔහු අමාත්‍ය ධුරයේ සිටි සමයේ ඔහුගේ අමාත්‍යාංශය වසර දෙකක් තුළ රටට විදේශ රැකියා ආදායමෙන් ඩොලර් බිලියන 13කට වඩා මුදලක් උපයා ඇති බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මෙම වංචාවට තමන් සම්බන්ධ බවට මාධ්‍යවල පළ වූ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළ අතර, මෙම චෝදනා පදනම් විරහිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *