අසල්වැසියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිරිහාන පොලිසිය මගින්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, තාප්පයක ගැටලුවක් මුල් කරගෙන දෙපාර්ශවය අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි.
පහර කෑ වයස අවුරුදු 66 පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව ඇත.
නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙනත් පුවත්
එජාපය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය කරනවා
එක්සත් ජාතික පක්ෂය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය බවට පත්කරන බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ධුරයේ වැඩ බාර ගනිමින් අද (10) පැවසුවාය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාට ලබා දුන් අභියෝගය බාර ගත්තේ ඉතා සතුටින් බවද අතුකෝරළ මහත්මිය කීවාය.
තලතා අතුකෝරල මහත්මිය එජාප මහ ලේකම් ධුරයේ වැඩ බර ගන්නා අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු ද සහභාගී වූහ.
දෙකට බෙදී සිටින එකම පක්‍ෂයක් වන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දැන් එකට එකතු වීමට කාලය එළඹ තිබෙන බව කී අතුකෝරාළ මහත්මිය නැවත එකතු වන්නැයි සමගි ජන බලවේගයේ සියලු දෙනාට විවෘත ආරාධනයක් කරන බවද පැවසීය



















