BREAKING NEWS
Search

සිසිල් බීම බෝතලයෙන් ආ මාරයා සිගිත්තා බිලි ගනී – යාපනයෙන් ඇහෙන ඛේදාන්තය

47

සිසිල් බීම බෝතලයක දමා තිබූ  භූමිතෙල් පානය කිරීම හේතුවෙන් යාපනය කෝපායි  වයස අවුරුද්දක දරුවෙක් මියගොස් ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසයි.

බීම බෝතලයක දමා මුළුතැන්ගෙයි තිබී ඇති භූමිතෙල් දරුවා රැගෙන සෙල්ලම් කිරීමෙන් අනතුරුව පානය කොට  අ‍ැතිබවට අනාවරණවූ බවත් පොලිසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ කෝපායි පදිංචි අවූරුදු එකයි මාස දෙකක් වු දර්ශිතන් සස්වින් නැමති පිරිමි දරුවෙකි.

දරුවාගේ මව ආහාර පිසින අවස්ථාවක මුළුතැන්ගෙයි බිම තිබු භුමිතෙල් බෝතලය රැගෙන අ‍ැති බවත් පසුව භූමිතෙල් පානය කොට අ‍ැති බවත් පොලිසිය පැවසීය.

මව සිය දරුවා පිළිබද සොයා බැලීමේදී දරුවාගේ මුවින් භූමිතෙල් ගද වහනයවී අ‍ැති අතර පසුව ක්ලාන්තය වීම හේතුවෙන් මව විසින් ප්‍රථිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් අ‍ැති බව පොලිසිය  පැවසීය.

දරුවා රෝහල්ගත කොට ප්‍රථිකාර අරම්භ කිරීමෙන් පැය කිහිපයකට පසු දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවත්  පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *