මෙරට උපත් අනුපාතය පසුගිය වසර 10ත් සමඟ සැලකීමේදී සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
2013දී මෙරට උපත් සංඛ්‍යාව 350,000ක් ලෙස වාර්තා වී ඇති අතර 2024 වර්ශය වන විට එය 228,000ක් දක්වා පහළ වැටී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ ළමා පිළිකා තත්ත්වයන් වාර්තා වීම් සහ මානසික රෝගවල වර්ධනයක් සිදුව ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා,


















