BREAKING NEWS
Search

16 හැවිරිදි පාසැල් දැරියක රවටා අමුතු ගේමක් ගහපු නරුම ගුරුවරයා – ෆෝන් එකෙන් එලියට ආව රහස

44

16 හැවිරිදි පාසැල් දැරියක රවටා ඇගේ නිරුවත් දර්ශන ජංගම දුරකතනය ඔස්සේ නැරඹූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසැලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ දැරියගේ ඥාතියෙකු මිනුවන්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පාසැලක විද්‍යා විෂය උගන්වන ගුරුවරයෙක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

අදාළ ගුරුවරයා එම විදුහලේ 11 ශ්‍රේණියේ සිසුවියක් සමග ජංගම දුරතනයෙන් විවිධ අසභ්‍ය සංවාද පවත්වා ඇති බවත් අදාළ ශිෂ්‍යාවගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකතනය ඔස්සේ නරඹා ඇති බවටත් සිසුවියගේ නැන්දණිය මිනුවන්ගොඩ පොලිසියට යොමු කළ පැමිණිල්ලේ සඳහන්.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දිවුලපිටිය පොලිසිය ආරම්භ කර තිබෙනවා.

වින්දිත දැරියගේ පියා මියගොස් ඇති අතර, මව විදේශගතව සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවත් දැරිය නැන්දණියගේ භාරයේ සිට ඇති බවත් විමර්ශනයේදී අනාවරණ වුණා.

දැරියගේ හැසිරීම් පිළිබඳව නැන්දණියට ඇති වූ සැකයක් මත ඇය දැරියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී දැරිය රවටා අදාළ ගුරුවරයා දැරියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන නරඹා ඇති බවට අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කළා.

සැකකාර ගුරුවරයා අවස්ථා කිහිපයකදී දැරියට මුදල් පවා ලබා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව, අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

අදාළ පාසලේ විදුහල්පතිවරයා පැවසුවේ, සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් මින් පෙර ද මෙවැනි චෝදනා එල්ල වී ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *