චීනයේ හටගෙන ඇති HMPV වෛරසය පිළිබඳව ඉතා විමසිල්ලෙන් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද(09) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.
”මේ සම්බන්ධයෙන් අපි ඉතා සුපරික්ෂාවෙන් ඉන්නවා. ජනාධිපතිතුමාත් මේ පිළිබඳව අවදානය යොමුකරලා තියෙනවා. අපේ වසංගත රෝග ඒකකය මේ ගැන නිරන්තර වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයමින් ඉන්නවා. ඒ නිසා එවැනි රෝගියෙක් වාර්තාවුනොත් අනිවාර්යෙන්ම දැනුවත් කරනවා. මේ වෛරසය පිළිබඳව පරික්ෂා කරන්න ස්ථාන 20ක් නම් කරලා තියෙනවා. එක් පුද්ගලයෙක් ගැන සැක මතුවෙලා පරික්ෂණයට භාජනය කළා. ඒ පුද්ගලයා නෙගටිව්”




















