මේවා පරිභෝජනය කළොත් ඔබට දියවැඩියාවෙන් වැළකීමට, දියවැඩියාව හැදුනු කෙනෙකු නම් එය පාලනය කර ගැනීමටද හැකියාව ලැබෙයි.
දියවැඩියාව වළකන පලා වර්ග
• කුරඤ්ඤං කොළ – මෙහි තිත්ත රසය ඇත.
• තෙඹු කොළ – ඇඹුල් හා කහට රසය ඇත.
• මඩු දලු
• කොහිල දලු
• පෙනෙල කොළ
• කිරි අඟුණ කොළ
• තෝර කොළ
• එරබදු කොළ
• වැල් දොඩම් කොළ
• වට්ටක්කා දලු
• වාතබංග කොළ
• ජපන් බටු දලු
• කතුරුමුරුංගා කොළ
• මැල්ල කොළ
• වල් කොත්තමල්ලි කොළ
• තැල් කොළ
• කර කොළ
• නිවිති
• තුඹ දලු
• කළු කම්බිරියා
• රණවරා
• ගොටුකොළ
• කංකුං
• මුගුණුවැන්න
• එරබදු දලු
• සාරණ
• සලාද කොළ
දිනපතාම එකම ආහාරය නොගෙන අවශ්‍ය ලෙස ආහාර මාරුවෙන් මාරුවට ලබා ගැනීම යෝග්‍යයි.
ඔබ දියවැඩියා රෝගියෙකු නම් පිළිගත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්ෂා කර ඊට සුදුසු ඖෂධ ප්‍රතිකර්ම ලබාගන්න. ඊට අමතරව ආහාර පරිභෝජන රටාවද වෛද්‍ය උපදෙස් මත සකසා ගත යුතුයි.
උදෑසන ආහාරය පිටි මිශ්‍රිත නම් ඊට කුරක්කන් වලින් සෑදූ පිට්ටු, තලප හෝ නිවුඩු හාල් පිටි ඉඳිආප්ප, පිට්ටු, කෙසෙල් මුව හෝ කූණිස්සන් හොදි සමඟ ගත හැකියි. තෝසෙ නම් සාම්බාරු සමඟ කදිමට ගැළපේ.
කිරි වර්ග ආහාරයට ගැනීමේදී මේදය අඩු කිරි වර්ග ගැනීම වඩාත් සුදුසුයි. දියවැඩියාවේ අතුරු ආබාධ ලෙස රෝග ගණනාවක් ඔබට වැළඳිය හැකියි. මලබද්ධය ද දියවැඩියාව නිසා හට ගන්නා බැවින් වතුර පානය කිරීම බෙහෙවින් යෝග්‍ය වේ.
දියවැඩියාව වළකන එළවළු වර්ග
• පතෝල
• බණ්ඩක්කා
• වැටකොළු
• කෙහෙල් මුව
• පොලොස්
• දඹල
• මුරුංගා
• මාළුමිරිස්
• හතු වර්ග
• කැකිරි
• වට්ටක්කා
• ගෝවා මල්
• තුඹ කරවිල
• පිපිඤ්ඤා
• කරවිල
• පුහුල්
• සෝයා බෝංචි
• රතු තම්පලා
• සුදුළූණු
• රතුළූණු
• තක්කාලි
• වම්බටු
• ලූණු කොළ
දියවැඩියාව වළකන පලතුරු
• ඇඹරැල්ලා
• මාදං
• බෝවිටියා
• කිරිල්ල
• දිවුල්
• කෙසෙල්
• නාරං
• දොඩම්
• දූරියන්
• උගුරැස්ස
• කොමඩු
• නස්නාරං
• අන්නාසි
• රඹුටන්
• වෙරළු
යන පලතුරු වර්ග සුදුසුයි.
දියවැඩියාව වළකන අල වර්ග
• ඉන්නල
• නෙලුම් අල
• කිරි අල
• රාජා අල
• හුළංකීරිය අල
• බතල
ආදී අල වර්ග යෝග්‍ය වුවත්,
මඤ්ඤොක්කා, අර්තාපල්, කොස් හා දෙල් සතියකට හෝ සති දෙකකට වරක් දෙවරක් ආහාරයට ගැනීම ගුණදායක වේ.
දියවැඩියාව වළකන ධාන්‍ය වර්ග
• මුං ඇට
• කුරක්කන්
• මෙනේරි
• තල
• බඩඉරිඟු
• සහල් සුදුසුයි.
සහල් තෝරාගැනීමේ දී කුරුට්ට සහිත නිවුඩු සහල් ගුණයෙන් ඉහළ නිසා එය තෝරාගැනීම කළයුතු වෙනවා. එහි ශරීරයට පිෂ්ඨය උරා ගැනීම ස්වල්ප වශයෙන් සිදුවන බැවින් දියවැඩියාවට අගුණ වන්නේ නැහැ. නමුත් ඔබ අවශ්‍ය ප්‍රමාණයට එය ගත යුතූයි.
දේශීය සහල්, දියවැඩියා රෝගයට සුදුසු පරිදි සැලකෙන
•මඩතවාලු
• හීනටි
• රත්නැල්
• සුවඳැල්
වැනි සහල් යෝග්‍ය යැයි නවතම පර්‍යේෂණයන් මඟින් සනාථ කරගෙන ඇත.
දියවැඩියාව වළකන පාන වර්ග
• තේ
• රණවරා
• ඉරමුසු
• බෙලිමල්
• කොමඩු
• මිදි
• දොඩම්
• නස්නාරං
• කොතල හිඹුටු තම්බපු වතුරද මේ සඳහා විශේෂිත ඖෂධයක් වේ.
උපුටා ගැනීමක්



















