BREAKING NEWS
Search

ප්‍රසිද්ධ හෝටලයක මාළු පාන් ගෙඩියකින් හිතා ගන්නවත් බැරි දෙයක් මතුවෙයි…

44

ප්‍රසිද්ධ හෝටලයක මාළු පාන් ගෙඩියකින් ලයිටරයක කොටස් මතුවූ පුවතක් පානදුරින් වාර්තා වෙනවා.

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ආහාරය සදහා මාළු පාන් ගෙඩි දෙකක් මිල දී ගෙන ඇති අතර, බාල පුත්‍රයා මාළුපාන් ගෙඩියේ කොටසක් ආහාරයට ගැනීමේදී ලයිටරයක ලෝහමය කොටස් මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා ඒ මොහොතේම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව දැනුවත් කර ඇති අතර, ඔහු දැනුම් දී ඇත්තේ තමන් නිවාඩු බවත් , පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසත්ය.

ඒ අනුව දැරියගේ පියා පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් ඇති අතර ,පැමිණිල්ල භාර නොගෙන ඔහුව ආපසු හරවා යැවූ බවයි ඔහු පැවසුවේ.

මාළු පාන් ගෙඩිය මිලදී ගත් පුද්ගලයන්ට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ එම මාළු පාන් ගෙඩිය මිලදී ගත් බේකරිය පානදුර නගර සභා සීමාවේ ඇති බේකරියක් බවත් නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ බව දැනුම් දෙන ලෙසත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *