BREAKING NEWS
Search

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

41

දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන්නේ යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් ආර්.එම්.එස්.පී. ජයසුන්දර මහතා අද (8) ලිඛිතව දැනුම්දී තිබේ.

කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති මෙම කාර්ය දිගින් දිගටම ප්‍රමාද කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරු දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉදිරි දින 14 තුළ විසඳුමක් නොලැබුණ හොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ

වෙනත් පුවත්

සහල් ටොන් 14,000ක් දිනකදී එයි

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (8) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (8) පස්වරුවේ පැවසීය.

එම ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 115,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන්  45,000 ක් සහ තැම්බූ සහල් මෙට්‍රික්ටොන්  70,000ක් ඇතුළත් වූ බවත් තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් හැකි ඉක්මනින් නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *