BREAKING NEWS
Search

දීපිකාට හිතාගන්නවත් බැරි අපරාධයක් කර පළාගිය සැමියා ගැන ඇසෙන බිහිසුණු කතාව…

47
ඉන්දියාවේ නිරිතදිග දිල්ලියේ පදිංචි පුද්ගලයෙකු සිය බිරිඳ ඝාතනය කර නිවසේ ඇඳෙහි ගැටගසා තිබියදී සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි දීපිකා චෞහාන් නමැති තරුණියක්.

ඇයව ඝාතනය කර වෙනත් ප්‍රදේශයකට පළාගිය සැමියා දින කිහිපයකට පසු නැවත දිල්ලිය බලා පැමිණ ඇත්තේ, සිය බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් ඇති බවට සැකකළ මිතුරෙකු ඝාතනය කිරීමේ අරමුණින් බවටයි අනාවරණය වී ඇත්තේ.

එසේම ඔහු නැවත දිල්ලිය වෙත එන අතරමගදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ධන්රාජ් නමැති මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවූවෙක් බවයි.

තවද ඔහු සඳහන් කර ඇත්තේ, ඇය දෙසැම්බර් 29 වැනිදා ඝාතනය කළ බවත්, ඝාතනය කර දින කිහිපයකට පසු මළසිරුර කැබලි කර පාළු ස්ථානයකට ගෙන ගොස් දැමීමට අදහස් කළ බවයි.

එමෙන්ම වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ, ඝාතනය සිදු කිරීමට පෙර දේහය කැබලි කළ හැකි ක්‍රම යූ ටියුබ්හි සෙවූ බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *