BREAKING NEWS
Search

ජංගම දුරකතන සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්…

44

ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සදහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වනදායින් අවසන් වන බව  ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව සදහන් කළා.

ඒ අනුව ඉමි අංකය ලියාපදිංචි නොකළ දැනට ක්‍රියාකාරි උපාංග ඉදිරියේදී දුරකතන ජාලාවල ක්‍රියාකාරි නොවනු ඇති බවයි එම කොමිසම ප්‍රකාශ කළේ.

ජනවාරි 28 වනදාට පෙර ඉමි අංකය ලියාපදිංචි කර ඇති ඡාල සඳහා එමගින් ගැටලුවක් ඇති නොවන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියා.

මේ අතර ස්ටාලින් සේවාවට අයත් පැකේජ කිහිපයක් සදහා ශ්‍රී  ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලැබී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *