උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6,සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා, ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ එම ගුරුවරිය ජනවාරි 7 වන දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කරන ලදී.
මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර අදාළ මෙම ගුරුවරියගේ වැඩ තහනමට ලක් කළ බව, කල විමසීමේදී උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසීය.
වෙනත් පුවත්
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජන
හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස් සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විදියේ ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි.
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී මිටින ට්‍රම්ප්, ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ට්‍රම්ප් හමාස් සංවිධානයට පවසා ඇත්තේ, එදින වනවිට ප්‍රාණඇපකරුවන් නිදහස් නොකරන්නේ නම්, හමාස් සංවිධානයට තමන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇති බවය.
‘මා දන්නවා මේ වනවිට ඊශ්‍රායල රජයත්, හමාස් සංවිධානයත් අතරේ ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමට සාකච්ඡා පැවැත්වෙනවා. ප්‍රාණඇපකරුවන් 34 දෙනකු මුදා හැරීමට හමාස් කැමැත්ත පළ කර තිබෙනවා. ඒත් එහෙම බැහැ. මා ජනපති ධුරයේ දිවුරුම් දෙන්න කලින් ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කිරීමට හමාස් වග
බලාගත යුතුයි’ යැයි ට්‍රම්ප් පැවැසුවේ ෆ්ලොරීඩාවේ, සිය මාර් ආ ලාගෝ මන්දිරයේ සිට මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ට්‍රම්ප් මැදපෙරදිග කලාපයට විශේෂ නියෝජිතයකු ලෙස ස්ටීවන් චාල්ස් විට්කෝෆ් පත් කර ඇති අතර, විට්කෝෆ් මැදපෙරදිග සංචාරයක් අවසන් කර මේ වනවිට යළි ඇමෙරිකාව බලා පැමිණ සිටී. විට්කෝෆ් මැදපෙරදිග කලාපයට ගියේ ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සොයා බැලීමටය.
(ඒ.එෆ්.පී.)
















