සියලුම බස් සංගම් ප්‍රධානීන් වෙත හෙට (08) උදෑසන 10.00 ට පොලිස්පතිවරයා විසින් විශේෂ කැදවීමක් මේ මොහොතේ කල බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ අනුව එම රැස්වීමට සහභාගි වෙන බවත්, පොලිස්පතිවරයාගේ එම සාකච්ඡාවෙන් පසු සියලුම බස් සංගම් නැවත සාකච්ඡාකර හෙට පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කලා.
කෙසේ වෙතත්, CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව සිදු කරන බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් හෙට පස්වරුවේ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මින් පෙර ප්‍රකාශ කරනු ලැබුවේ.

















