තිදෙනෙකුට මරු කැඳවු හැටන් බස් අනතුරේ රියදුරා ගැන ඇසෙන අලුත්ම ආරංචිය

45
තිදෙනෙකුට මරු කැඳවමින් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරට සම්බන්ධ රියදුරා දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු අද හැටන් මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරුනු අතර සෑම මසකම අවසන් ඉරිදා හැටන් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.

මෙම රියදුරා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

බස් රථයේ හිමකරු ද අද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහු ද ඇප මත මුදා හැර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *