BREAKING NEWS
Search

රුපියල් 1,000,000 බැගින් වන්දි ගෙවීමක්- හිමිවන්නේ මේ අයටයි

48

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් 17 දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පහත සඳහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත.

රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/- බැගින් වන්දි ගෙවීම.

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් වන්දි ගෙවීම.

එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ගෙවීම.

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් වන්දි ගෙවීම.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීම පිළිබඳව වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඵ් අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එකී කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර කළ අතර එකී නිර්දේශ මත පදනම්ව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුනා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *