සීදූවේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහලේ සිටි අයෙක් ගැන ඇසෙන අලුත්ම ආරංචිය

40

සීදුව, වෙලබඩ ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, 53 හැවිරිදි එක් අයෙකු එදින ජීව්තක්ෂයට පත් වුණා.

ඒ අනුව වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස අද ජීවිතක්ෂයට පත් වුණේ 73 හැවිරිදි රෝහල්ගතව සිටි පියායි.

එමෙන්ම වෙඩි වැදුණු එක් අයෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සීදුව, ලියනගේමුල්ල වෙලබඩ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පසුගිය දෙසැම්බර් 28 වැනිදා පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා.

එම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා සැකකරුවන් පලාගිය අතර, එම මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරයක් අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *