රැකියාවක් සඳහා පොලිස් සහතිකයක් ලබාගැනීමට කන්තලේ සූරියපුර පොලිසියට පැමිණි පුද්ගලයකු තමාට ඇති චෝදනා ඉවත්කර සහතිකය ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් එම සහතිකය නිසි ආකාරයට නොලැබීම නිසා කම්පාවට පත්ව පොලිසියේ චෝදනාගාරය ඉදිරිපිටදී පුද්ගලයකු වස පානය කර ඇත.
එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳව එම පොලිසියේ ප්‍රකාශකයකු පැවසුවේ මෙම පුද්ගලයාට රිය අනතුරු නඩු තුනක්ද පහරදීමේ චෝදනා දෙකක්ද තිබෙන බවයි.
තමාගේ රැකියාව සඳහා මෙම චෝදනා ඉවත්කර පොලිස් සහතිකයක් ලබාදෙන ලෙස හෙතෙම පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා ඇති අතර එසේ නොලැබීම නිසා ඔහු වස පානය කර ඇතැයි පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන




















