BREAKING NEWS
Search

දුම්රිය ගමනාගමනයට බාධා

37

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව තිබේ.

ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.

පීලිපැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

මේ වන විට දුම්රිය සේවකයින් එම පීලිපැනීමකට ලක්වූ දුම්රිය ඉවත්කොට ඇති අතර, උදෑසන වනතෙක් එක් දුම්රිය මාර්ගයක් අවහිරව පවතින බව වාර්තා වේ.

ඒ අනුව දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සියලුම දුම්රියන් එක් මන්තිරුවකට සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *