BREAKING NEWS
Search

පුහුණුවීම් අතරතුර හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

50

ගුජරාටයේ වෙරළාරක්ෂක හෙලිකොප්ටරයක් පුහුණුවීම් අතරතුර අනතුරට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ යානයේ තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

හෙලොකොප්ටරය තුළ ඇති වූ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

යානයේ සිටි තිදෙනා දරුණු ලෙස පිළිස්සී ඇති බවත් දෙදෙනෙක් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

වෙනත් පුවත්

ජපානයේ ටූනා මාළු තොගයක් ඩොලර් මිලියන 1.3කට වෙන්දේසි වෙයි

ජපානයේ, ටෝකියෝ නුවර පිහිටි තොයෝසූ මත්ස්‍ය වෙළෙඳපොළේදී ටූනා මත්ස්‍ය තොගයක් අමෙරිකානු ඩොලර් මිලියන 1.3කට වෙන්දේසි වී තිබෙනවා.

ඒ බ්ලූෆින් වර්ගයේ ටූනා මත්ස්‍ය තොගයක් බවයි පැවසෙන්නේ.

එම මත්ස්‍ය තොගය කිලෝග්‍රෑම් 276ක බරකින් යුත් බවද විදෙස් වාර්තාවල සදහන්.

එරට වෙළෙඳ ආයතනයක් සහ ප්‍රසිද්ධ අවන්හලක් එක්ව මෙම මත්ස්‍ය තොගය මිලදී ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *