ඇය මවගේ ජංගම දුරකථනය ද රැගෙන සිය කාමරයට ගොස් ඇති අතර ඉන් මද වේලාවකට පසුව කෑ ගසන ශබ්ධයක් නිවැසියන්ට ඇසී තිබෙනවා..
කෑ ගැසීම හේතුවෙන් ඔවුන් කාමරය වෙත ගොස් ඇති අතර එහිදී අදාළ දැරිය ඇය නිදාගන්නා යකඩ ඇඳ අතින් අල්ලාගෙන කෑ ගසමින් සිට ඇති බවයි වාර්තා වන්නේ..
දැරියගේ මව ඇයව ස්පර්ශ කළ විට මවට ද විදුලි සැර වැදී තිබෙනවා..
කෙසේ වෙතත් විදුලි සම්බන්ධතාව විසන්ධිකර ඇයව රෝහල් ගත කර ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ…



















