BREAKING NEWS
Search

සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ගැන ඇසෙන කතාව මෙන්න..

37
මේ කියන්න යන්නේ තවත් විශේෂ ආරංචිය ගැනයි.. ඔබේ දරුවාත් මේ අවදානමෙන් බේරගන්න නම් මව්පියන් කලින්ම මේ ගැන දැනුවත් වෙන එක වැදගත්..
පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා..

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා සඳහන් කළේ, විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි…

සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ඔහු දැනුම් දෙනවා..

වෙනත් පුවත්

මෙරටින් පිට කිරීමට උත්සාහ කළ රත්‍රන් තොගයක් හසුවෙයි

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ රත්‍රන් කිලෝ 11යි ග්‍රෑම් 300ක පමණ තොගයක් කල්පිටිය, බත්තලන්ගුඩුවේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (4) උදෑසන බත්තලන්ගුඩුව දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම රත්‍රන් සොයාගැනීමට හැකිව ඇත.

ඒ අනුව ඩිංගි යාත්‍රාව සමග සැකකුරුවන් තිදෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍ර බළඝණයේ කණ්ඩායමක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා ( 03) කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *