BREAKING NEWS
Search

ඔබත් අසු වුනාද ? සමාජ මාධ්‍යය කලබන හඩ පටයක් ගැන පොලිස් මුලාස්ථානයෙන් නිවේදනයක්

42

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean sri lanka – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.

පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත්, එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සඳහන් කර ඇත.

කෙසේ නමුත් එම හඬ පටය අසත්‍ය හඬ පටයක් බවත්, එවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර නොමැති බවටත් පොලීසිය මෙම නිවේදනයෙන් අවධාරණය කර සිටියි.

ඒ අනුව අදාළ හඬ පටය නිකුත් කල පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට  විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *