BREAKING NEWS
Search

වැලිගම රත් කරමින් වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

50

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

පා පැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයින් දෙදෙනාට යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් මෙම වැඩිතැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම, පන්සල වත්ත, ජෝති කොරටුව ලිපිනයේ පදිංචිව සිට අකාෂ් තාරුක් නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්ය.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

වෙනත් පුවත්

කැලයට ගිය ඔයාමඩුවේ ගබඩා සංකීර්ණය

පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් එහි ගියහ.

එළඹෙන මහ කන්නය ආරම්භ වීමත් සමඟ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට සහ සහල් වෙළඳපොළට ලබාදීම සදහා රජය සතුව විධිමත් වැඩපිලිවෙලක් පවතින බැවින් , රජය සතු වී ගබඩා පරීක්ෂා කර ඒවායෙහි අලුත්වැඩියා කටයුතු සිදුකිරිමෙන් පසුව වී ගබඩා කිරිමට යොදාගැනිමේ හැකියාව පිලිබදව අමාත්‍යවරයා මෙහිදි සොයා බැලිය.

වී සඳහා සහතික මිලක් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මීල දී ගැනීමට සැලැස්වීම රජයේ අරමුණ බව මෙහිද අමාත්‍යවරයා පැවසිය.

ඔයාමඩුව ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ගබඩා තුනක් පවතී. මින් එක් ගබඩාවක් කාබනික පොහොර නිෂ්පාදනය සදහා කුලී පදනම මත ලබා දී ඇති අතර තවත් ගබඩාවක් වී ගබඩා කිරිම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් මංජරී සී . චන්ද්‍රදාස යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *