BREAKING NEWS
Search

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් නොවූ විරූ වාර්තාවක්

35

දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබේ.

දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ එය රුපියල් මිලියන 1,958,088ක් බවය.

මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

වෙනත් පුවත්

මාධ්‍ය නිදහසට අත තියන් නෑ

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස මාධ්‍ය නිදහසට අත තැබීමට සූදානමක් නැති නමුත් යම් අයෙකු තම  ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් ද්වෙශ සහගත සහ අසත්‍ය පුවත් පළ කිරීමට හෝ ප්‍රචාරය කිරීමට  කටයුතු කළහොත් ගන්නා ක්‍රියාමාර්ග හෙළි කිරීම දැනට සිදු නොකරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04)පැවසීය

රජය ප්‍රවෘත්ති කර්මේන්තුවේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව කීය.

එක්තරා පුවත්පතක් මාස කිහිපයක් තිස්සේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සහ  ජනතාවට ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ඇතිවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාවට පෙලිස් මාධ්‍ය ප්‍රකාශක  ජේෂ්ඨ පොලිස් අධිකාරී  නීතිවේදී බුද්ධික මනතුංග සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් එච් එස්. කේ . ජේ බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *