පසුගියදා අනුරාධපුර පාසල්වල පැවති වාර විභාගයේ හය ශ්‍රේණියේ භුගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් පිටවීම පිළිබඳව අදාළ වැරැදිකාර ගුරුවරියට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු යැයි ලංකා ගුරු සංගමය පවසනවා..
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මේ පිළිබඳ වැඩිදුරටත් පැවසුවේ මෙන්න මේ වගේ කතාවක්..,
“සිද්ධිය දැනගත් මොහොතේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නා. අදාළ ගුරුවරිය විසින් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රය ඇය විසින්ම මෙසේ මුහුණුපොතේ සමූහයකට යොමු කර තිබෙනවා. මෙම ගුරුවරිය ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකාවක්. ඇය විසින් වැරැදීමකින් මෙම ප්‍රශ්න පත්‍රය මුහුණුපොතේ සමූහයකට ඇතුළත්ව ඇති බවට සිදුකළ පරීක්ෂණයේදී ප්‍රකාශ කර තිබෙනවා.”
ඇය විසින් එම වරද පිළිගෙන එම ප්‍රශ්න පත්‍රය සකස්කිරීමට දරන ලද රුපියල් පහළොස් දහසක මුදල ආපසු ගෙවීමටත් යළි ප්‍රශ්න පත්‍රයක් සකස් කිරීමටත් එකඟතාව පළකිරීම මත මෙම ගැටලුව විසඳීමට බලධාරීන් ක්‍රියාකර ඇති අතර, දිගින් දිගටම සිදුවන විභාග වංචා නතර කිරීමට මේ වනවිට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන අවස්ථාවක විභාග වංචා පිළිබඳව මෙවැනි විසඳුම් ලබාදීම වෙනුවට වැරැදිකරුවන්ට විනයානුකූලව දඬුවම් පැමිණවීමට අධ්‍යාපන බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු යැයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණා..



















